2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 09:36
නවතම පුවත්

හිම වැටෙන තුරු බලාඉන්න ෆූජි

ෆූජි කන්ද වෙත තවමත් හිම පතනය නොවෙයි. ඒ, එය වසර 130කට එහි පෙර හිමපතනය ගැන වාර්තා තැබීම ආරම්භ වුණු දා සිට, හිම රහිතව පැවති වසරේ නවතම අවස්ථාව බවට පත් කරමිනි.ජපානයේ උස ම කන්ද වන මෙහි මුදුන මතට සාමාන්‍යයෙන් ඔක්තෝබර් මස මුල වන විට හිම පතනය වන නමුත් අසාමාන්‍ය ලෙස උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වසරේ මෙතෙක් හිම පතනයක් වාර්තා වී නොමැත.

ඒ.එෆ්පී ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, 2023 වසරේදී කඳු මුදුන මත මුල් වරට හිම දර්ශන වූයේ ඔක්තෝබර් 5 වන දින ය. ජූනි සහ අගෝස්තු මාස අතර ජපානයේ මේ වසරේ වාර්තාගත උණුසුම් ම ගිම්හානය වාර්තා වූ අතර එම කාලයේ උෂ්ණත්වය සාමාන්‍ය අගය ඉක්මවා යමින් සෙල්සියස් අංශක 1.76ක් ලෙස සටහන් විය.

උපනිවර්තන ජෙට් ප්‍රවාහය වඩා ත් උතුරට බරව වීම ජපානය හරහා දකුණු දෙසට උණුසුම් වාතය ගලා යාමට ඉඩ සලසන බැවින් සැප්තැම්බර් මාසයේදී උෂ්ණත්වය බලාපොරොත්තු වූවාට වඩා වැඩි විය.ජෙට් ප්‍රවාහයක් යනු, පෘථිවිය වටා ගමන් කරන වේගයෙන් ගලා යන වායු ධාරාවකි. දකුණේ සිට පැමිණෙන උණුසුම් වාතය උතුරේ සිට පැමිණෙන සිසිල් වාතය සමග හමු වූ විට එය ඇති වේ.

ඉකුත් මස උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා ගිය අවස්ථාවේ, ප්‍රදේශ 1,500 ආසන්න ගණනකට, ජපානයේ කාලගුණ විද්‍යා සංගමය විසින් හඳුන්වන ලද පරිදි, “අතිශයින් ම උණුසුම්” දින පැවතිනි.වර්ෂාපතනය හිම බවට පත් වීම සඳහා උෂ්ණත්වය පහළ මට්ටමක පැවතිය යුතු ය.ඔක්තෝබර් මස උෂ්ණත්වය තරමක් අඩු වී ඇති නමුත් එය තවමත් සාමාන්‍යයෙන් මෙම මාසයේ පවතින උෂ්ණත්වයට වඩා වැඩි අගයක පවතී.

කෙසේ වෙතත්, මෙලෙස හිම පතනයකින් තොරව නොවැම්බර් වෙත ළඟා වීම යනු, 1894දී දත්ත ප්‍රථම වරට රැස් කරන ලද දා සිට ෆූජි කඳු මුදුන හිමෙන් වැසෙන තුරු දිගු කලක් බලා සිටි අවස්ථාව බවට පත්වනු ඇත.මීට පෙර ඔක්තෝබර් 26 වන දින වාර්තා වූ හිම පතනය මීට පෙර 1955 සහ 2016දී දෙවරක් සිදුව ඇතැයි කෝෆු ප්‍රාදේශීය කාලගුණ විද්‍යා කාර්යාලයේ අනාවැකිකරුවෙකු වන යුටාකා කට්සුටා ඒඑෆ්පී වෙත පැවසීය.

තනි සිදුවීමක් දේශගුණික විපර්යාස නිසා සිදුවන්නේ යැයි පැවසිය නොහැකි නමුත් ෆූජි කන්දේ නිරීක්ෂණය වුණු හිම පතනය අඩුවීම, දේශගුණ විශේෂඥයින් පුරෝකථනය කරන ලෝකය උණුසුම් වීම සමග අනුකූල වේ.ටෝකියෝවේ නිරිත දෙසින් පිහිටි ෆූජි කන්ද ජපානයේ උස ම කන්ද වන අතර එහි උස මීටර් 3,776කි.මීට වසර 300 කට පමණ පෙර අවසන් වරට පුපුරා ගිය මෙම ගිනි කන්ද පැහැදිලි අහසක් ඇති දිනවලදී ජපානයේ අගනුවර සිට දැකිය හැකිය.එය ලී කුට්ටිවල සිදුකරන මුද්‍රණ කටයුතු ඇතුළු ඓතිහාසික ජපන් කලා නිර්මාණවල ප්‍රමුඛව දක්නට ලැබේ.පසුගිය වසරේ ජූලි සහ සැප්තැම්බර් අතර 220,000කට වැඩි පිරිසක් එය තරණය කරමින් එහි මුදුන වෙත ළඟා වූහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories