ඉදිරි මහ මැතිවරණයට ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ප්‍රතික්ෂේප කළේය.
ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත්කර ඇත්තේ විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සළකා බැලීමෙන් අනතුරුවය.
ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රන්ජන් රාමනායකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබාගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතියක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසද මහින්ද සේනානායක නමැත්තකු මෙම පෙත්සම ගොනුකර තිබිණි.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් වන ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සහ රන්ජන් රාමනායක ඇතුළු පිරිසක් නම්කර තිබිණි .