2025 අගෝස්තු 15 සිකුරාදා, 03:11
නවතම පුවත්

නිල නිවාස භාරනොදුන් හිටපු ඇමතිවරුන්ට නීතිමය ක්‍රියාමාර්ග

හිටපු අමාත්‍යවරුන් 12 දෙනෙකු තවමත් නිල නිවාස රජයට භාරදී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ නිල නිවාස සම්බන්ධ මූලික පරීක්ෂාවන් සිදු කර අවසන් කර ඇති බවයි.

එහිදී නිල නිවසට අයත් ගෘහ භාණ්ඩ ඇතුළු වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක්කර ඇතැයි සඳහන් වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ, ජල – විදුලි ඇතුළු සියලු බිල්පත්වල ගෙවීම් සම්පූර්ණ කිරීමෙන් පසු නිල නිවාස භාරදෙන්නැයි, හිටපු අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවය.

කිසිදු හිඟ මුදලකින් තොරව නිල නිවාස භාරගන්නා බව ද අමාත්‍යාංශය පැවසීය.

අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ, මෙතෙක් භාරනොදුන් නිල නිවාස හෙට වනවිට භාරදීමට කටයුතු කරන්නැයි, දැනුම් දී ඇති බවයි.

එසේ නොවන්නේ නම්, නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදුවන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේ ය.

රජය සතු අමාත්‍ය නිල නිවාස සංඛ්‍යාව 28 ක්.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories