2026 ජූලි 31 සිකුරාදා, 21:43
නවතම පුවත්

තැපැල් කාර්යාල මගින් ඡන්ද කාඩ් බෙදීම ඊයේ සිට අරඹයි

මහමැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් කාර්යාල 2090ක් මගින් තැපැල් සේවකයන් 8000ක් පමණ යොදවා ඊයේ (27දා) සිට බෙදාහැරීම් ආරම්භ කළ බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ඊයේ (27දා) පැවසීය. කොළඹ දිස්ත්‍රික්කයට අදාළ පත්‍රිකා ඊයේ (27දා) වනතෙක් ලැබී නැතැයි ද ඒ මහතා කීය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සමග අදාළ දිස්ත්‍රික්කයට තරග කරන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන්ගේ නම් සහ මනාප අංක ඇතුළත් පත්‍රිකා ද බෙදාහැරීමට කටයුතු කරන බව රණසිංහ මහතා කීය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සමග පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල පත්‍රිකා ද නොවැම්බර් 07 වැනිදා තෙක් බෙදාහරින බවත් ඊයේ දිනයේ මෙන් එම පත්‍රිකා පමණක් බෙදාහැරීම නොවැම්බර් 03 වැනිදා (ඉරිදා) දක්වා සිදුකරන බවත් ඒ මහතා කීය. එය පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා සිදුකරන බවත් ඔහු කීය.

එම දිනවලදී කිසියම් අයකුට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගැනීමට නොහැකි වුවහොත් තමන්ට ආසන්න තැපැල් හලට නොව තැපැල් කටයුතු සිදුකරන තැපැල් හලට ගොස් සිය අනන්‍යතාව හෙළිකර නොවැම්බර් 14 වැනිදා තෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බව ද ඔහු කීය. මෙම පත්‍රිකා ලියුම් පෙට්ටිවලට දැමීමක් සිදුනොකරන බවත් ගෘහයේ සිටින අයකු ලේඛනයකට අත්සන් තබා එම පත්‍රිකා ලබාගත යුතු බවත් ඒ මහතා කීය.

මේ වනවිට මහමැතිවරණයට අදාළව පැවැති තැපැල් ඡන්දයේ රක්ෂිත පැකට්වලින් සියයට 57ක් සහකාර මැතිවරණ භාර නිලධාරීන්ට භාරදී ඇති බවත් ඉතිරි රක්ෂිත පැකට් ඉදිරි දින කිහිපය තුළ භාරදෙන බවත් ඒ මහතා කීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories