කොළඹ, ඉතාලි තානාපති කාර්යාලය අසලදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
සැකකරු එම තානාපති කාර්යාලය ඡායාරූප ගතකර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී ලේඛන කිහිපයක් ද සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේ ය.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 54 හැවිරිදි යාගොඩමුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.