2026 ජූලි 31 සිකුරාදා, 16:31
නවතම පුවත්

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අගමැති හරිනිට යෝජනාවලියක්

රාජ්‍ය සෞඛ්‍ය අංශයේ සිදුවන මහා පරිමාණ දූෂණ, වංචා නැවැත්වීම සහ අධික පිරිවැය අඩු කිරීම සඳහා ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් මිල දී ගැනීමේ ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අදාළව ඉක්මන් අවධානය යොමු කරන ලෙස තම සංගමය පසුගිය දා සෞඛ්‍ය විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න පැවසීය.

එම සංගමය පසුගිය සතියේ 24 වන දා අගමැතිවරිය හමුව ඇති අතර එහිදී මේ වන විට රටේ සෞඛ්‍ය සේවය අත්විඳින බරපතළ ම කාරණා සම්බන්ධයෙන් සිය අවධානය යොමුකළ බව ද එහිදී එම සාකච්ඡාවට තම සංගමය යෝජනා කිහිපයක් අගමැතිවරිය වෙත යොමු කළ බව ද සඳහන් කළේ ය.

මේ වන විට රටේ ඖෂධ හිඟයක් ඇති වීමටත් ඇතැම් ඖෂධ සඳහා අධික පිරිවැයක් වැය වීමට ද හේතු ලෙස විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ, තොග වශයෙන් ඖෂධ මිල දී ගැනීම නිසි පරිදි සිදු නොවීම යි.

මේ හේතුවෙන් වැඩි මිලක් දී හදිසි මිල දී ගැනීම්වලට අමාත්‍යාංශය කටයුතු කරන බව ත් මෙම තත්ත්වයෙන් එක් අතකින් ඖෂධ හදිසියේ මිල දී ගැනීමේදී වැඩි මිලකට ලබා ගැනීමට සිදුවීම සහ තොග වශයෙන් එකවර ලබා ගැනීමේදී සැපයුම්කරුවන් වෙතින් ලැබෙන වට්ටම් ලබා ගැනීමට ද නොහැකි වන බව ත් ක්‍රියාවලිය තුළ දූෂණය සහ නාස්තිය පවතින බව ත් ඔවුන් පෙන්වා දී ඇත.

එසේ ම, එක ම ඖෂධයේ ලියාපදිංචි නාම රැසක් යටතේ ගෙන්වීමෙන් ද මිල සහ ගුණාත්මක බව අතර අර්බුද මතුවන බව ත් මේ තත්ත්වය එලෙස ගෙන්වන ඖෂධ වර්ග ගණන (වෙළෙඳ නාම යටතේ) අඩු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දී ඇත.

මේ වනවිටත් ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත නෛතික බලතල සහිත වුව ද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ද අගමැතිවරියගේ අවධානය යොමු කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කටයුතු කර ඇත.

එසේ ම, “දැනට ක්‍රියාත්මක වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ මාරුවීම් ක්‍රියාවලියේ පවතින දුර්වලතා ද අපි අගමැතිවරියට පෙන්වා දුන්නා. මේ සියලු කරුණු පිළිබඳව ඇය අවධානය යොමු කළා. කෙසේ වුවද මේවා අන්තර්වාර ආණ්ඩුවක් තුළ ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව අසීරු බව ඇය අපට පැහැදිලි කළා. ඒ අනුව මහ මැතිවරණයෙන් පසුව මේ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් යොදන බව” අගමැතිවරිය පැවැසුවා යැයි ද වෛද්‍ය ගුණරත්න ප්‍රකාශ කළේ ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories