එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ මහා සමුළුව මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ එම පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාවගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ පක්ෂ නායක රන්ජන් රාමනායක මහතා සමග පක්ෂ ජාතික සංවිධායක තිලකරත්න ඩිල්ශාන් මහතා ඇතුළු පක්ෂයෙන් තරගවදින අපේක්ෂක අපේක්ෂිකාවන්ද එක්වුණා.
මේ සඳහා එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ ආධාරකරුවන් 12,000 ක් පමණ එක්ව ඇති බවත් වාර්තා වනවා.