2025 අගෝස්තු 16 සෙනසුරාදා, 15:59
නවතම පුවත්

ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­වේදී ශ්‍රී ලංකාව ප්‍රග­ති­යක් ලබා තිබෙ­නවා

ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­වට නැංවී­මේදී ශ්‍රී ලංකාව සැල­කිය යුතු ප්‍රග­ති­යක් ලබා ඇතැයි ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහ­සු­කම (EFF) යටතේ ළඟ­දීම සිදු කෙරෙන තුන්වන සමා­ලෝ­ච­නය කරා කඩි­න­මින් යෑමට එම­ඟින් අව­ස්ථාව උදා කර ඇති බවද ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ආසියා පැසි­ෆික් දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනි­වා­සන් මහතා පව­සයි.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සහ ලෝක බැංකු රැස්වීම් හා සම­ගා­මීව අමෙ­රි­කාවේ වොෂි­න්ටන් නුව­රදී පැවැති ප්‍රවෘත්ති සාක­ච්ඡා­ව­කදී ඒ මහතා මේ බව පැව­සීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ක්‍රිෂ්ණා ශ්‍රීනි­වා­සන් මහතා මෙසේද පැව­සීය.

” ශ්‍රී ලංකාව සමඟ පව­තින ණය විස්තීර්ණ වැඩ­ස­ට­හන යටතේ තුන්වන සමා­ලෝ­ච­නය වෙත කඩි­න­මින් එළ­ඹී­මට බලා­පො­රොත්තු වෙනවා. මේ සතියේ පැව­ත්වෙන වාර්ෂික රැස්වීම් අත­ර­තුර ශ්‍රී ලංකාව සමඟ පව­තින මූල්‍ය වැඩ­ස­ට­හන සම්බ­න්ධ­යෙන් අඛ­ණ්ඩව සාකච්ඡා කිරී­මට බලා­පො­රොත්තු වෙනවා. නව ආණ්ඩුව බල­යට පත්වූ පසු මූල්‍ය අර­මු­දලේ ඉහළ පෙළේ කණ්ඩා­ය­මක් මෙම මස මුලදී මෙර­ටට පැමි­ණියා.

නව ආණ්ඩුව පත්වෙලා තාම කෙටි කාල­යයි. මගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඉහළ පෙළේ කණ්ඩා­ය­මක් සාකච්ඡා සඳහා සහ බල­ධා­රීන් සමඟ අද­හස් හුව­මාරු කර ගන්න කොළ­ඹට ගියා. නව ආණ්ඩුව සහ ඔවුන්ගේ කණ්ඩා­යම සමඟ අපි ඉතා සාර්ථක සාකච්ඡා වට කිහි­ප­යක් පැවැ­ත්වූවා.

එම සාකච්ඡා තව­දු­ර­ටත් වාර්ෂික රැස්වීම් අත­රදී පැවැ­ත්වෙ­නවා. දැන් හොඳ එක­ඟ­තා­ව­යක් තිබෙ­නවා. එය ඒක­ම­තික එක­ඟ­තා­ව­යක්.

2022 වස­රේදී ආර්ථික අගා­ධ­යට ඇදෙ­මින් තිබූ ශ්‍රී ලංකාව, පසු­ගිය කාර්තු හතර තුළ ධනා­ත්මක ආර්ථික වර්ධ­න­යක් පෙන්නුම් කර තිබෙ­නවා. මෙම වැඩ­ස­ට­හන යටතේ ශ්‍රී ලංකාව නිල ණය හිමි­යන් සහ පෞද්ග­ලික ණය හිමි­යන් සමඟ ගිවි­සු­ම්ව­ලට එළ­ඹී­මේදී නෛතික වශ­යෙන් එක­ඟ­තා­ව­කට පැමි­ණීම අත්‍යා­වශ්‍ය කාර­ණ­යක් වෙනවා. “

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories