ඊ – 8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කරන ජාවාරමක තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එහි අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා ලබා ගැනීම සඳහා දකුණු කොරියාව හා ශ්‍රි ලංකාව ගිවිසුම්වලට එළැඹිය යුතු වුවත් මෙතෙක් එවැනි ගිවිසුමකට එළැඹී නොමැති බවයි.
එලෙස කෙටි කාලීන රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීමට අවශ්‍ය නම් දකුණු කොරියාවේ ප්‍රාන්ත සමග ශ්‍රී ලංකාවේ පළාත් සභා අදාළ ගිවිසුම්වලට එළැඹිය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.