විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොම්සමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ, මහජන උපයෝගීතා කොමිසම මගින් අදාල යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් පසුව විදුලි බිල අඩු කිරීමේ ප්රතිශතයන් ප්රකාශයට පත් කිරීමට කටයුතු කරන බවයි.
විදුලි බිල අඩු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමට 2024 වසරේ යෝජනාවලියක් මණ්ඩලය විසින් ඉදිරිපත් කළ තුන්වන අවස්ථාව ලෙසද මෙය සැලකේ.