හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ .
ඒ ඔහුගෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීමකින් අනතුරුවයි .
කොළඹ ප්‍රධාන හෝටලයක රථගාලක තිබී හමුවුණ මෝටර් රථයක් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීමටයි ඔහු අද රහස් පොලිසියට පැමිණියේ .
මේ අතර සතොස සේවකයින් මැතිවරණ කටයුතුවලට යොදාගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසමට ගොනු කළ නඩුවකට අදාළව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන අධිරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත .