2025 අගෝස්තු 16 සෙනසුරාදා, 18:25
නවතම පුවත්

ඡන්ද දිනය ගැන අධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු එච්. එම්. ප්‍රියන්ත හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ, පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වනදා සිට ඔක්තෝබර් මස 11 වන දා දක්වා දින නියම කළ බවය. 

මැතිවරණ පනත ප්‍රකාරව නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බවත් පෙත්සමෙන් පෙන්වා දෙයි.

ඒ අනුව නාම යෝජනා භාරගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වන දා සිට සති පහක කාලය නොවැම්බර් මස 15 වන දා අවසන් වන අතර සති 07 කාලය නොවැම්බර් මස 29 වනදා සම්පූර්ණ වන බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වනදා එම නීතිමය කාලසීමාවට ඇතුළත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.

මෙම වරද පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළත් ඉන් ඵලක් අත් නොවූ බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

මේ තුළින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වීමක් සිදුවන බවත් මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එසේම අදාළ වරද නිවැරදි කිරීමට හේතුවන සුදුසු නියෝගයක් වේ නම් එවැනි නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් අයැද සිටී

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories