2025 අගෝස්තු 15 සිකුරාදා, 14:47
නවතම පුවත්

හිරුණිකාගේ පැමිණිල්ල යළි කැදවයි

පසුගිය ජාත්‍යන්තර කාන්තා දිනයේ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මහජනතාවට අවහිරයක් වන ආකාරයෙන් විරෝධතා සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාරියන් 14 දෙනාට අදාළ පැමිණිල්ල ලබන පෙබරවාරි මස 10 වන දා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල ද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විමර්ශන සිදුකරන කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා ගැනීම සඳහා යොමුකර ඇති බවයි.

මෙම නඩු කටයුත්තට අදාළව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් පොලීසිය පැවසුවා.

සැකකාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල රණගල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කාන්තා හිංසනය සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම සඳහා මෙම සැකකාරියන් විසින් අදාළ විරෝධතාව සිදුකළ බවත් ඒ තුළින් රජය අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් නොතිබූ බවත් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් මහෙස්ත්‍රත්වරයා සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළ ගොනු නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමුකර ඇති බැවින් ඊට අදාළව නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසයි.

ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 10 වනදා කැඳවීමටද නියෝග කෙරුණා.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories