ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (20) පැවැත්වෙයි.
එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
තරගය තව සුළු මොහොතකින් පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.