මඩකලපුව – කොළඹ ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් ඇනහිට තිබේ.
ඒ, කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්රවාහනය කළ දුම්රියක වනඅලි රංචුවක් ගැටී හේතුවෙනි.
එමෙන්ම මින්නේරිය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්රදේශයේ අද (18) දා අලුයම 3.30ට පමණ සිදු වූ මෙම අනතුරින් අලීන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව සඳහන් ය.
තවත් සත්ත්වයින් තුවාල ලබා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර,
ඉන්ධන ටැංකි හතරක් පීලි පැන ඇති අතර ඉන් දෙකක් පෙරළී ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ
අදාළ අනතුර හේතුවෙන් දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් අතර අද උදෑසන කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය සහ මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රියන් දෙක අවලංගු කර කිරීමටයි එම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.