සී ෂෙල්ස්හි නව නීතිපතිවරයා ශ්‍රී ලාංකිකයෙකු වන වින්සන්ට් පෙරේරා දිවුරුම් දී ඇත.
සී ෂෙල්ස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (16) දා ඔහු රාජ්‍ය මන්දිරයේ දී නීතිපතිවරයා ලෙස දිවුරුම් දී ඇති බවය.
මොහු ශ්‍රී ලංකාවේ උපත ලැබු වින්ස්න්ට් පෙරේරා කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපති උපාධියක් ලබාගෙන ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.
අතර ඊට අමතරව ෆිජි හී නීතීඥවරයෙකු හා සොලිස්ටර්වරයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු සිංගප්පූරුවේ සමත මධ්‍යස්ථානයේ පිළිගත් මැදිහත්කරුවෙකු ලෙස ද සුදුසුකම් ලබා ඇති බව වැඩි දුරටත්සඳහන් ය.
සී ෂෙල්ස් නිතිපතිවරයා ලෙස පත්වීමට පෙර වින්ස්න්ට් පෙරේරා සී ෂෙල්ස්හි නීතිපති කාර්යාලයේ සිවිල් නඩු පැවරීමේ නීති උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත.