2026 ජූලි 31 සිකුරාදා, 20:09
නවතම පුවත්

උදය ගම්මන්පිලගෙන් ආණ්ඩුවට තවත් අභියෝගයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ අමාත්‍ය විජිත හේරත් පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන බවට ප්‍රතිඥා දෙන තෙක් තමා සතු වාර්තා ආණ්ඩුවට භාර නොදෙන බව පිවිතුරු හෙළ උරුමය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (ඔක්. 16) විශේෂ මාධ්‍ය හමුවකදී ය.

මෙම වාර්තා දෙක ජනතාව දැනගැනීම වැළැක්වීමට ආණ්ඩුව උත්සහ දරන බව ත් එය ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය උදුරා ගැනීමක් බව ත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරු දෙදෙනෙකු බලයට පත්වීමට පාස්කු දින ප්‍රහාරය භාවිත කළ බව ත් විශේෂයෙන් වර්තමාන ජනාධිපති විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්තේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයා ජනතාව දැනුවත් කිරීමට පොරොන්දු වූ නිසා බව ත් ය.

තව ද, තමාට මෙම වාර්තා ලැබුණ ආකාරය පිළිබඳව වහා ම සොයා බැලිය යුතු බවට අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළ බව ත් ඇත්ත වශයෙන් ම තමාට මෙම වාර්තා ලැබුණ ආකාරය නොව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙවැනි සංවේදී වාර්තා පිටවූ ආකාරය සොයා බැලිය යුතු බව ත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ ය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට මුළුමනින් ප්‍රසිද්ධ නොකොට තම භාරයේ තබා ගෙන සිටින එස්.අයි. ඉමාම් සහ ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තා දෙක දින තුනක් ඇතුළත ආණ්ඩුවට භාර දෙන ලෙස උදය ගම්මන්පිලට අවධාරණය කරන්නේ යැයි මහජන ආරක්ෂක ඇමති, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඊයේ (ඔක්. 15) පැවසීය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේ, අදාළ වාර්තා දෙක දින 7ක් තුළ ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමා එම වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බවට පිවිතුරු හෙළ උරුමය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ආණ්ඩුවට කළ අනතුරු ඇඟවීම ගැන මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමිනි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories