2026 ජූලි 31 සිකුරාදා, 21:07
නවතම පුවත්

උපුල් තරංග ට එරෙහි වරෙන්තුවට අතුරු තහනමක්

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවකට සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත්කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (16) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවට අනුව උපුල් තරංග මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

එමෙන්ම පෙත්සම්කාර උපුල් තරංග මහතා අත්අඩංගුවට නොගන්න ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින පොලිස්පතිවරයා සහ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන්ටද තවත් නියෝගයක් නිකුත් කෙරුණි.

තරග පාවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය පසුගිය 8 වනදා වරෙන්තු නිකුත් කළේය.

ඒ, මෙම වසරේ මාර්තු මාසයේ පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදී නිමාවට පත් වූ “‍ලෙජන්ඩ්ස් ලීග් ”‍ නැමති ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට උපුල් තරංග මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව විභාග වෙමින් තිබෙන නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීමට අදාළවය.

අධිකරණයට දැනුම්දීමකින් තොරව උපුල් තරංග විදෙස් ගතවීම හේතුවෙන් ඔහුව ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගන්නැයි එම වරෙන්තුව නිකුත් කර තිබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories