2025 අගෝස්තු 15 සිකුරාදා, 07:41
නවතම පුවත්

චාල්ස් රජුට ඔස්ට්‍රේලියාවෙන් විරෝධය

චාල්ස් රජු සහ කැමිලා රැජින නුදුරේදීම ඔස්ට්‍රේලියානු සංචාරයක නිරත වීමට නියමිතයි.

ඊට සමගාමීව බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජින ඔස්ට්‍රේලියාවේද රජු හෝ රැජින ලෙස පිළිගැනීමේ සම්ප්‍රදායට එරෙහි පිරිසක් සිය විරෝධය පළකරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව රජු, කැමිලා රැජින සහ විලියම් කුමරුගේ රුව සහිත ටී-ෂර්ට් ඇතුළු නොයෙකුත් දෑ වෙළඳපොළට නිකුත් කරැති බවත් සඳහන්.

එමෙන්ම රජුගේ සංචාරයට කැන්බරා හි පිළිගැනීමේ උත්සවයක් ද ඇතුළත් වන අතර නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්තය, බටහිර ඕස්ට්‍රේලියාව, දකුණු ඕස්ට්‍රේලියාව සහ ටස්මේනියාව යන ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් හය දෙනා පවසා ඇත්තේ ඔවුන් හට ඊට සහභාගී විය නොහැකි බවයි.

නමුත් ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සියල්ලම නියෝජනය කරමින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත බව සඳහන්.

රටේ අගමැති ඇන්තනි ඇල්බනීස් විසින් ද රජුව නිල වශයෙන් පිළිගනු ඇත.

විදෙස් වාර්තාවන්ට අනුව මෙම සංචාරය ඔස්ට්‍රේලියාව ජනරජයක් බවට පත් විය යුතුද යන්න පිළිබඳ ප්‍රශ්න යළි විවෘත කර ඇති සංචාරයකි.

රාජාණ්ඩු ගැති උද්ඝෝෂකයෙකු සහ ලිබරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන Bev McArthur ABC පුවත් සේවයට පවසා තිබුණේ රජුගේ පිළිගැනීමේ උත්සවයට ආණ්ඩුකාරවරුන් නොපැමිණීම “අපහාසයක්” වන බවයි.

මීට ඉහත ඔස්ට්‍රේලියානු ජනරජ ව්‍යාපාරය සමඟ ලිපි හුවමාරු කරගනිමින් රජු තහවුරු කර ඇත්තේ ඔස්ට්‍රේලියාව ජනරජයක් බවට පත්වන්නේද යන්න “ඔස්ට්‍රේලියානු මහජනතාව තීරණය කළ යුතු කාරණයක්” බවයි.

මෙම වසර මුලදී පිළිකා රෝග විනිශ්චය කිරීමෙන් පසු රජුගේ විශාලතම සංචාරය මෙම සංචාරය වනු ඇති.

ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව, රජු සහ රැජින පොදුරාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානීන්ගේ රැස්වීම සඳහා සැමෝවා වෙත ගමන් කිරීමට නියමිතයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories