2026 ජූලි 31 සිකුරාදා, 09:04
නවතම පුවත්

තාජුඩීන් ඝාතන සිද්ධි ගැන කරළියට‍

ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ සහ තාජුඩීන් ඝාතන සිද්ධීන් අත්හැර ප්‍රධාන අපරාධ සිද්ධීන් 7ක් කඩිනම් විමර්ශන සඳහා යොමුකරනු ලැබුවේ ඒවායේ අපරාධ පරීක්ෂණ බොහෝ දුරට අවසන් වීම හේතුවෙන් බව රජය පවසයි.

කෙසේවෙතත් අනෙකුත් ඝාතන සිද්ධීන් පිළිබඳ විමර්ශන ඉදිරියේදී යළිත් වරක් ආරම්භ කරන බව රජය පවසයි.

දැනට සිදුකෙරෙන අපරාධ විමර්ශන පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

“කිසිදු අපරාධමය කටයුත්තක් සම්බන්ධයෙන් පරීක්ෂණ නොකර ඉන්නේ නෑ. ඒ නිසා සියලුම පසුගිය කාලයේ සිදුවු තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය එවැනි දේ පිළිබඳ අනිවාර්යයෙන්ම අපි කටයුතු කරනවා. ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වී නඩු කටයුත්තක් ක්‍රියාත්මක වෙනවා. නැවත පරීක්ෂණ අවශ්‍ය නෑ. අවශ්‍ය වුණොත් කරන්නත් පුළුවන්. අපි නඩු කටයුතු 7ක් කිව්වේ පරීක්ෂණ අවසන් වෙලා තියෙන ඉතා ඉක්මනින් අවසන් කළ හැකි ඒවා නිසයි. එහෙම නැතුව 7 විතරක් කියලා වැරදි අදහසක් ගන්න එපා. පසුගිය කාලයේ සිදුවු ආර්ථික අපරාධ, මිනිස් ඝාතන, මාධ්‍යවේදීන් පැහැර ගැනීම ආදි සියලු දේ ගැන නීතිය ක්‍රියාත්මක කරනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories