ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමන මාසයේ ක්‍රීඩකයා සම්මානයේ ගෙවුණු සැප්තැම්බර් මාසයේ හිමිකරු බවට පත්වීමට කමිඳු මෙන්ඩිස් ඊයේ (14 වැනිදා) සමත් වූ අතර ඔහු මෙම වසර තුළ අදාළ සම්මානය දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. කමිඳු මින් පෙර මෙම වසරේ මාර්තු මසදීද මෙම සම්මානය දිනා ගැනීමට සමත් විය.