2025 අගෝස්තු 17 ඉරිදා, 21:41
නවතම පුවත්

අඩසිය වසකට පසු සහරා කාන්තාරයට මහ වැසි

ගිනිකොණදිග මොරොක්කෝවට බලපා තිබූ දැඩි නියඟය හමාර කරමින් පසුගියදා බලාපොරොත්තු නොවූ වර්ෂාවක් පතිත වූයේය. එහි කාලගුණ අංශ ප්‍රකාශ කළේ දින දෙකක් තුළ දී එහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය ඉක්මවා ගොස් ඇති බවයි. මෙම කලාපයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 250කට අඩුය. දකුණුදිග රබාත් නගරයට කිලෝමීටර 450ක් දුරින් පිහිටි ටග්විනිටේ ගම්මානයට පැය 24ක කාලයක් තුළ දී මිලිමීටර 100 ඉක්මවා ගිය වර්ෂාවක් ඇද හැලී තිබේ.

මොරොක්කෝ කාලගුණ විද්‍යා අංශයේ ප්‍රකාශක හුසේන් බුආවෙබ් පවසන ආකාරයට මෙය වසර 50කට පසු ඉතා කෙටි කාලසීමාවක් තුළ සහරාවට පතිත වූ විශාලම වර්ෂාවය. මේ හේතුවෙන් ඝර්ම කලාපීය කුණාටු නිර්මාණය වියහැකි බවට කාලගුණ විද්‍යාඥයෝ ඉඟි පළ කරති. ඔවුන් පවසන්නේ අධික ජල ස්කන්ධය වාෂ්ප වී ප්‍රදේශයේ ආර්ද්‍රතාව ඉහළ යෑමෙන් එහි කාලගුණ තත්ත්වයේ විපර්යාසයක් සිදුවිය හැකි බවයි. බුආවෙබ් ට අනුව එය කුණාටු තත්ත්වයකට වුවද පරිවර්තනය විය හැකිය.

මෙම වර්ෂාව පතිත වූයේ අඛණ්ඩව පැවැති වසර හයක නියං කාලයකට පසුවය. ජලය හිඟවීම හේතුවෙන් ඒ ආශ්‍රිතව වාසය කළ ජනතාව සිය වගාවන් ද අත්හැර වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වී තිබිණි. මේ වනවිට එහි ජලය පිරී ඇති නමුත් බලධාරීන්ගේ අදහස වන්නේ දිගුකාලීන නියඟයේ බලපෑම සමනය කිරීමට එය ප්‍රමාණවත් නොවන බවයි.

අධික වර්ෂාවේ අතුරු ප්‍රතිඵල ලෙස මේ වනවිට මොරොක්කෝ හා ඇල්ජීරියාවේ මරණ 20කට වඩා සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍යවල දැක්වේ. ඒ අතර වගා බිම් විශාල ප්‍රමාණයක් විනාශ වී තිබේ. රාජ්‍ය ප්‍රධානීන් සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ භූමි කම්පාවට මුහුණ දුන් හා මෙම වර්ෂාවෙන් ආපදාවට ලක්වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපැයීමට කටයුතු යොදා ඇති බවයි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් කිලෝ මීටර් මිලියන 9ක් විශාල සහරා කාන්තාරය ආශ්‍රිතව ප්‍රබල දේශගුණ විපර්යාසයක් හටගත හැකි බව විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ කාලයක සිටය. ඒ අනුව මෙබඳු හදිසි වර්ෂා සහ කුණාටු අවස්ථා ඉදිරි කාලයේ දී නිරන්තරයෙන් සිදුවිය හැකිබව ඔවුන්ගේ මතය වේ. එමගින් ජල චක්‍රය වෙනස් වී කලාපයේ දර්ශනීය පරිසර පද්ධතිය විපර්යාසයකට ලක්විය හැකි බව ද එහි දැක්වේ.

නවතම පුවත්

gem web
මැණික් පනත භයානකද?
ශ්‍රී ලංකාවෙන් හමුවන...
kashmeeraya
කාශ්මීර ගංවතුරෙන් දිවි අහිමි වූවන් 300 පනී
පාකිස්තානයේ සහ පාකිස්තාන...
ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...

උණුසුම් පුවත්

gem web
මැණික් පනත භයානකද?
ශ්‍රී ලංකාවෙන් හමුවන...
ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...

දේශපාලන

gem web
මැණික් පනත භයානකද?
ශ්‍රී ලංකාවෙන් හමුවන...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

Categories