2026 ජූලි 29 බදාදා, 06:43
නවතම පුවත්

අද කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්

පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාර දීම වෙනුවෙන් නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

නාරාහේන්පිට නිල මැදුරේ පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා භාර දීම් කටයුතු නිසාවෙන් එය අවට ප්‍රදේශයේ මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක ය.

ඒ අනුව, අද (ඔක්. 11) උදෑසන 8:00 සිට පස්වරු 2:00 දක්වා කාලය තුළ බේස්ලයින් මාර්ගය නාරාහේන්පිට හන්දිය සිට පාර්ක් පාර හන්දිය දක්වා කොළඹින් පිටවීමේ (කිරුළපන දෙසට ඇති වම්පස) මංතීරුව වසා තැබීමට කටයුතු කරන බව සඳහන් වේ.

එම මාර්ගයේ ම අනෙක් මංතීරුව පාර්ක් පාර හන්දියේ සිට නාරාහේන්පිට හන්දිය දක්වා බොරැල්ල දෙසට ඇතුළුවීමේ මංතීරුව රථවාහන දෙපසට ම ගමන් කිරීමට හැකි වන පරිදි විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

මේ අතර, මහවත්ත හන්දියෙන් බේස්ලයින් මාර්ගයේ නාරාහේන්පිට දෙසට ඇතුළුවීම සීමා කර එම වාහන තිඹිරිගස්යාය මාර්ගයට හා දාබරේ මාවත දෙසට යොමු කිරීම, තිඹිරිගස්යාය පාර, කිරුළ පාර හන්දියෙන් කිරුළ පාර රථ වාහන ඇතුළු කිරීම සීමා කර එම වාහන හයිලෙවල් මාර්ගය දෙසට යොමු කිරීමට කටයුතු කරනු ඇත.

උද්‍යාන පාර, හයිලෙවල් පාර හන්දියෙන් වාහන ඇතුළු කිරීම සීමා කර හයිලෙවල් මාර්ගයෙන් තුම්මුල්ල දෙසට හා කිරුළපන දෙසටත් බේස්ලයින් පාර, හයිලෙවල් පාර හන්දියෙන් බේස්ලයින් මාර්ගයට ඇතුළු කිරීම සීමා කර එම වාහන තුම්මුල්ල දෙසට හා නුගේගොඩ දෙසට යොමු කරයි.

නාවල පාර, නාරාහේන්පිට පාර, නාවල හන්දියෙන් නාරාහේන්පිට දෙසට වාහන ඇතුළු කිරීම සීමා කර එම වාහන රාජගිරිය දෙසට හා නුගේගොඩ දෙසට සහ නාවල පාර කිරිමණ්ඩල හන්දියෙන් කිරිමණ්ඩල මාවතට ඇතුළු වන වාහන සීමා කර එම වාහන රාජගිරිය දෙසට හා නුගේගොඩ දෙසට යොමු කිරීම සිදු කරනු ඇත.

මේ අතර, නාම යෝජනා භාර දීමට පැමිණෙන රථ ගාල් කිරීම සඳහා පාර්ක් පාර ශාලිකා ක්‍රීඩාංගණයේ රථ ගාල, පාර්ක් පාර ෆුඩ් සිටිය අසල මාර්ගයේ ඩඩ්ලි සේනානායක විද්‍යාලය දක්වා ශාලිකා ක්‍රීඩාංගණය පැත්තේ එක් මංතීරුවක් වෙන් කර ඇති බව දැක්වේ.

බේස්ලයින් පාර, පොල්හේන්ගොඩ හන්දිය සිට හයිලෙවල් පාර දක්වා කොළඹට ඇතුල්වන මාර්ගයේ එක් මංතීරුවක්, බේස්ලයින් පාර, මහවත්ත හන්දියේ සිට කනත්ත වටරවුම දක්වා කොළඹට ඇතුල් වන මාර්ගයේ එක් මං තීරුවක් නාම යෝජනා රථ වාහන ගාල් කිරීමට යෝජිත ස්ථාන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories