2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 16:58
නවතම පුවත්

නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට විශේෂ රථවාහන සැලැස්මක්

 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාරදීම වෙනුවෙන් හෙට (11) දින නාරාහේන්පිට නිල මැදුරේ පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා

ඒ අනුව හෙට උදෑසන 08.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුළ බේස්ලයින් මාර්ගය නාරාහේන්පිට හන්දිය සිට පාර්ක් පාර හන්දිය දක්වා කොළඹින් පිටවීමේ (කිරුලපන දෙසට ඇති වම්පස) මංතීරුව වසා තැබීමට කටයුතු කරනු ලබන අතර එම මාර්ගයේම අනෙක් මංතීරුව පාර්ක් පාර හන්දියේ සිට නාරාහේන්පිට හන්දිය දක්වා බොරැල්ල දෙසට ඇතුළුවීමේ මංතීරුව රථවාහන දෙපසටම ගමන් කීරීමට හැකි වන පරිදි විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබයි.

රථවාහන ගමනා ගමනය සීමා කිරීමට යෝජිත මංසන්ධි

  • මහවත්ත හන්දියෙන් බේස්ලයින් මාර්ගයේ නාරාහේන්පිට දෙසට ඇතුළුවීම සීමා කර එම වාහන තිඹිරිගස්යාය මාර්ගයට හා දාබරේ මාවත දෙසට යොමු කිරීම.
  • තිඹිරිගස්යාය පාර කිරුළ පාර හන්දියෙන් කිරුළ පාර රථවාහන ඇතුළුකිරීම සීමා කර එම වාහන හයිලෙවල් මාර්ගය දෙසට යොමු කිරීම.
  • උද්‍යාන පාර හයිලෙවල් පාර හන්දියෙන් වාහන ඇතුළුකිරීම සීමා කර හයිලෙවල් මාර්ගයෙන් තුම්මුල්ල දෙසට හා කිරුළපන දෙසට යොමු කිරීම.
  • බේස්ලයින් පාර හයිලෙවල් පාර හන්දියෙන් බේස්ලයින් මාර්ගයට ඇතුළුකිරීම සීමා කර එම වාහන තුම්මුල්ල දෙසට හා නුගේගොඩ දෙසට යොමු කිරීම.
  • නාවල පාර නාරාහේන් පිට පාර නාවල හන්දියෙන් නාරාහේන්පිට දෙසට වාහන ඇතුළු කිරීම සීමා කර එම වාහන රාජගිරිය දෙසට හා නුගේගොඩ දෙසට යොමු කිරීම.
  • නාවල පාර කිරිමණ්ඩල හන්දියෙන් කිරිමණ්ඩල මාවතට ඇතුළු වන වාහන සීමා කර එම වාහන රාජගිරිය දෙසට හා නුගේගොඩ දෙසට යොමු කිරීම.

නාම යෝජනා භාරදීමට පැමිණෙන රථවාහන ගාල් කිරීමට යෝජිත ස්ථාන

  • පාර්ක් පාර ශාලිකා ක්‍රීඩාංගණයේ රථ ගාල.
  • පාර්ක් පාර ෆුඩ් සිටිය අසල මාර්ගයේ ඩඩ්ලි සේනානායක විද්‍යාලය දක්වා ශාලිකා ක්‍රීඩාංගණය පැත්තේ එක් මංතීරුවක්.
  • බේස්ලයින් පාර පොල්කේන්ගොඩ හන්දිය සිට හයිලෙවල් පාර දක්වා කොළඹට ඇතුල්වන මාර්ගයේ එක් මංතීරුවක්.
  • බේස්ලයින් පාර මහවත්ත හන්දියේ සිට කනත්ත වටරවුම දක්වා කොළඹට ඇතුල් වන මාර්ගයේ එක් මං තීරුවක්.

 

.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories