2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:21
නවතම පුවත්

ගිනි අවි 1690 න් මෙතෙක් ලැබුණේ 30ක් විතරයි

පසුගිය වසර කීපය තුළ ආරක්ෂක අමාත්‍යාංශය හරහා දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් ලබාගත් ගිනි අවි 1690 අතරින් පිස්තෝල 30 ක් ඊයේ (09) දා වන විට වැලිසර නාවික හමුදා කඳවුර වෙත භාරදී ඇත.

ඒ පුද්ගලික ආරක්ෂාව සඳහා ලබාදී තිබෙන ස්වයංක්‍රීය ගිනි අවි වහාම භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ නියෝගයට අනුව මෙම අවි මෙසේ භාරදීමට පටන්ගෙන ඇති බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

පසුගිය වසර කීපය තුළ ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ට ඉවක් බවක් නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවි නිකුත් කර ඇති බවද විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම ස්වයංක්‍රීය ගිනි අවි නිකුත් කිරීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා දිවයිනට ඊයේ පැවසීය.

ආරක්‍ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ පසුගිය වසර කීපය තුළදී ගිනි අවි බලපත්‍ර 1690 ක් නිකුත් කර ඇති බවයි.

මෙම ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් විගණනයක් කළ යුතු බවත් එහිදී නිකුත් කර ඇති ගිනි අවි ප්‍රමාණය සොයාගැනීමට හැකි වන බවත් පොලිසිය පවසයි.

මෙම ගිනි අවි බලපත්‍ර ලබාගැනීම සඳහා දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් පොලිස් ස්ථානවලින් පොලිස් වාර්තා ලබාගෙන ඇත. එසේ ලබාගෙන ඇති පොලිස් වාර්තා ඔස්සේ මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.

ඉවක් බවක් නොමැතිව නිකුත් කළ ගිනි අවි සම්බන්ධයෙන් නිවැරදි විගණනයක් කර ඒවා නිසි ක්‍රමවේදයකට අනුව ආපසු සුදුසු අයට ලබාදීමේ කටයුතු ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත.

රජයේ ආරංචි මාර්ග පවසන්නේ පසුගිය රජය සමයේ සිටි ඇතැම් දේශපාලනඥයන් ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා ගිනි අවි 8-10 ලබාගෙන ඇති බවය.

මෙසේ ලබාගත් ගිනි අවි වලින් ඇතැම් ඒවා අස්ථානගතවී ඇති බවද වාර්තා වෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories