මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩාවට කඩා වැදී ඇති අතර, එහි ටොනේඩෝ, ගංවතුර සහ කුණාටු ඇතිවීමේ අවදානම වැඩි කර තිබෙනවා.
මේ නිසා මිලියන දෙකකට වැඩි නිවාස සහ ව්‍යාපාරවලට විදුලිය නොමැති අතර අත්ලාන්තික් වෙරළ තීරයේ මරණ ගණනාවක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
මිල්ටන් පස්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස මුළදී සඳහන් වූවත් මේ වන විට එය පළමු කාණ්ඩයට පහත හෙළා තිබෙනවා.
නමුත් තවමත් ෆ්ලොරීඩාව පුරා විශාල විනාශයක් සිදු කරමින් ඉදිරියට ඇදෙන බවයි කාලගුණ බලධාරීන් පවසන්නේ.
මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩා, ජෝර්ජියා, දකුණු කැරොලිනා, ටෙනසි, වර්ජිනියා සහ උතුරු කැරොලිනා යන ප්‍රදේශවල ඇති කර තිබෙනවා.
මේවන විට ෆ්ලොරිඩා නගරයේ සහ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ ජනතාවට පානීය ජලය නොමැති තත්ත්වයක් ඇතිව තිබෙනවා.
ඒ සුළි කුණාටුව හේතුවෙන් පද්ධතිය වසා දැමීමට බලධාරීන්ට බල කිරීමත් සමඟයි.
අවශ්‍ය අලුත්වැඩියාවන් අවසන් වන තුරු මෙම පානීය ජල ගැටළුව පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර එතෙක් බීමට, ඉවුම් පිහුම් සහ දත් මැදීම සඳහා භාවිතා කරන ඕනෑම ජලයක් තම්බා ගන්නා ලෙස සියලුම නිවැසියන්ට උපදෙස් දී තිබෙනවා..