2026 ජූලි 31 සිකුරාදා, 19:09
නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටු කරනවා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මැදිහත් වූ සහ මෙහෙයවූ පුද්ගලයින් ට එරෙහිව අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරන අතර,

අද (08) දා පැවති කැබිනට්

තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව වැඩිදුරටත්  සඳහන් කළේය.

“පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන්න විශේෂ මැදිහත්වීමක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා වෙච්ච පරික්ෂණ හරහා මේ වාර්තා නැති වුණේ කොහොමද ඒවයේ පිටු ගැලවුණේ කොහොමද කියන අපි හොයා බලනවා. ජනාධිපතිවරයා වෙත බාර දීපු වාර්තාවේ හිටපු නීති අධ්‍යක්ෂවරයා මැදිහත්වෙලා තමයි මේ කටයුතු පිළිබඳව උපදෙස් ලබාදීලා තිබුණේ. ඒ නිසා ඒ වාර්තාවේ යම් කොටස් අඩු වුණේ කොහොමද ? බාර දුන්න ඒවයේ තිබුණද ? ඊට පස්සේ මොකද වුණේ ? ඒ සියල්ල මේ පරික්ෂණ කණ්ඩායම පරික්ෂණ කටයුතු කරනවා. ඒ නිසා ඒ පිළිබඳව කිසිදු අසාධාරණයක් මේ රටේ ජනතාවට වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒකට යම් කාලයක් යනවා යම් ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදයට අනුව අපි ඒ පත්කිරීම් සිදුකරලා තියෙනවා. පරික්ෂණ ආරම්භ කරලා තියෙනවා. ඒ පරික්ෂණ අනුව ජනාධිපතිවරයාට බාරදීපු වාර්තාවේ පිටු ගැලවුණාද පිටු හැලුණද මොකක්ද වුණේ අපි අනිවාර්යෙන්ම පරීක්ෂණ කරලා ඒ පිළිබඳව යථා කාලයේදී ජනතාව දැනුම්වත් කරනවා. ඉතිහාසයේ වුණ වැරදි මේ පාලන කාලය තුළ කිසිසේත්ම වෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි ඉතා දැඩි තීරණයක ඉන්නවා අනිවාර්යෙන් ඒ පිළිබඳ මැදිහත් වුණ, මෙහෙයවපු අයට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මකරනවා. කිසිදු ආකාරයකින් පසුගිය ආණ්ඩු කළා වගේ ඒවා යට ගහන්න. ඒවා අතුරදන් කරන්න අපි කටයුතු කරන්නේ නැහැ. ඒ විශ්වාසය ජනතාවට අපි ලබාදෙනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories