2026 මාර්තු 25 බදාදා, 23:47
නවතම පුවත්

නව රජය යටතේ පැනඩෝරා පත්‍රිකා ගැන පරීක්ෂණ කටයුතු ශක්තිමත් කරනවා

අයථා ලෙස ඩොලර් බිලියන ගණනක වත්කම් ඉපැයූ බව කියන පැනඩෝරා ලියවිලි වල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පැවැසීය.

පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් කරුණු සම්බන්ධයෙන් හා එම ලේඛනය තුළ චෝදනා එල්ල කර ඇති මෙරට පුරවැසියන් හා දේශපාලනඥයන් සම්බන්ධයෙන් එහිදී විමර්ශන සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

නව රජය යටතේ අනිවාර්යයෙන්ම මෙම පරීක්ෂණ කටයුතු ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන බවද ඔහු පැවැසීය.

මේ අතර පැනඩෝරා පත්‍රිකාවල නම් සඳහන් බදු පැහැර හරින ලද ශ්‍රී ලාංකේය සමාගම් සහ පුද්ගලයන් සම්බන්ධව විශේෂ විමර්ශනයක් කිරීමට රජය අණ ලබාදී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය මේ පිළිබඳ සිදුකළ විමසීමකදී පැවැසීය.

එම විමර්ශනය මේ වන විට ආරම්භ කර ඇති බවත් එය තවමත් පර්යේෂණ මට්ටමේ ඇති බවත් ඇය කීවාය.

ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ එකමුතු (ICIJ) සිදු කළ විශේෂ අනාවරණයට අනුව බදු පැහැර හැරීම් හා වංචා මූල්‍ය වාර්තා මිලියන 11.9ක් එම පැනඩෝරා ලේඛන තුළ අඩංගු වන බවට හෙළිදරවු කර තිබේ.

බදු පැහැර හැරීමේ සහ මූල්‍ය වංචා සිදුකළ පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයන්ගේ නම්ද ඇතුළත් විය.

පසුගිය 2021 ඔක්තෝබර් 3දා ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව මෙම ‘ පැන්ඩෝරා පත්‍රිකා’ හෙළිදරවු කිරීම සිදු කළහ.

රටවල් 117ක මාධ්‍යවේදීන් 600ක් එම විමර්ශනය සඳහා එකතු වී තිබිණි.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ප්‍රකාශයට පත්කරන ලද පැනඩෝරා ලියවිලිවල සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැවැරී ඇති බලතල අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීනීයක් 2021 ඔක්තෝබර් 13 වැනිදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව පැනඩෝරා ලියවිලිවල අන්තර්ගත ශ්‍රී ලාංකිකයන්ගේ බදු ගෙවීම් වලට අදාළ ලිපිගොනු පරීක්ෂා කිරීමක් හා බදු පැහැරහැරීම් වී තිබේදැයි මෙහිදී විමර්ශනයට ලක්වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබිණි.

අධිකරණයෙන් ඊට අදාළ වාර්තා කැඳවීමක් වුවහොත් ඒවා ලබාදීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව බැදී සිටින්නේ යැයිද දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීනීයක වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories