ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන් රඳවා සිටින වාට්ටු දෙකක් තුළ තිබී ජංගම දුරකථන 52 ක් සහ චාජර්, ඩේටා කේබල් ඇතුළු උපාංග රැසක් සොයාගෙන ඇති බව ගාල්ල බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.
ඒ, බන්ධනාගාර බුද්ධි අංශයේ හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකය මගින් ඊයේ (06) පස්වරුවේ දී සිදුකරනු ලැබූ විශේෂ මෙහෙයුමකදි යි.
එම නිලධාරින් විසින් ඊයේ (06) ගාල්ල බන්ධනාගාර පරිශ්‍රයේ ගොඩනැගිලි දෙකක මෙම විශේෂ සෝදිසි මෙහෙයුම දියත් කර තිබුණා.
එහි දි මෙම ජංගම දුරකථන තොගය සහ ජංගම දුරකථන සදහා භාවිත කරනු ලබන උපාංග රැසක් සොයාගෙන ඇති බව සඳහන්.
සොයාගත් ජංගම දුරකථන අතර ස්මාට් වර්ගයේ දුරකථන ද පවතින බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළේ.
මෙම ජංගම දුරකථන හා උපාංග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ බන්ධනාගාර මුලස්ථානය වෙත භාරදීමට රැගෙන ගොස් ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.