රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ සිය ධුරයෙන් ඉවත්ව ඇත.
ඔහු ඊයේ (04) දා විශ්‍රාම යන බව දැනුම් දී තිබේ.
එම තනතුර සඳහා නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්තව පත්කර තිබෙන බවට වැඩි දුරටත් සඳහන්ය.
අදාළ පත්වීම ස්ථීර කරගැනීම සඳහා පොලිස් කොමිසමේ නිර්දේශ ලබාගැනීමට යවා ඇත.
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත ලබන සඳුදා වැඩ බාරගැනීමට නියමිත බවට වැඩිදුරටත් වාර්තා වේ.