2026 ජූලි 29 බදාදා, 06:43
නවතම පුවත්

බස් ගාස්තු අඩු නොකළ බස් 100 ක් ගැන පැමිණිලි

ඉන්ධන ගාස්තු සංශෝධනයත් සමඟ අඩුකරන ලද බස් ගාස්තුව ක්‍රියාත්මක නොකිරීම, ඉතිරි මුදල් ලබානොදීම ඇතුළු තවත් වැරදි සිදුකළ බස් රථ 100කට අධික ප්‍රමාණයකට එරෙහිව ගතවූ දින දෙකක කාලය තුළ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට හා ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට පැමිණිලි රැසක් ලැබී ඇතැයි එම බලධාරීහු පැවසූ අතර,

එමෙන්ම මහජනතාවගෙන් පැමිණිලි 100ක් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ලැබී ඇතැයි එහි පැමිණිලි අංශයේ නිලධාරි ප්‍රගීත් රත්නායක මහතා පැවසීය.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ රුපියල් 3, 5 ආදී ඉතිරි මුදල් ලබානොදීම සම්බන්ධයෙන් බවද වැඩි දුරටත් සඳහන් කරයි.

තවදුරටත් බස් ගාස්තු සංශෝධනයට අනුව එම ගාස්තුව අය කරන්නේ නැති නම් වැඩිපුර මුදල් අයකර ගන්නේ නම් හා ඉතිරි මුදල් ලබා නොදෙන්නේ නම් ඒ ගැන 0112860860 ට දැනුම් දෙන ලෙස ද හෙතෙම මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම බස් ගාස්තු සංශෝධනය සිදු නොකළ දුරසේවා බස් රථ 20කට එරෙහිව පැමිණිලි ලැබී ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ධාවන අධ්‍යක්‍ෂිකා ෂෙරින් අතුකෝරාළ මහත්මිය ඊයේ (04) දා පැවසුවාය.

එමෙන්ම මීගමුව, හයිලෙවල්, නුවර පාර මාර්ගයේ ධාවනය වන දුරසේවා බස් රථවලින් සිදුකළ වැරදි සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි ද ඇය කියා සිටි අතර,

ඉතිරි මුදල් රුපියල් 2, 3 ලබානොදීම සම්බන්ධයෙන් පැමිණිලි වැඩි ප්‍රමාණයක් ලැබී ඇතැයි ද ඇය සඳහන් කළහ.

මේ අතර බස් ගාස්තු දැන්වීම් පත්‍රය තවමත් බස් රථවල ප්‍රදර්ශනය කර නොමැති නම් ඒ ගැන 1855 ක්‍ෂණික ඇමතුම් අංකයට පැමිණිලි කළ හැකි බවද මගී ජනතාවට දන්වා සිටියහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories