ලියකියවිලි ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද (04) කැඳවනු ලැබුවා.
නඩු විභාගය අතරතුර රජයේ නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ නඩුවට අතිරේක සාක්ෂිකරුවෙකු එක් කිරීමට තීරණය කර ඇති බවත් එබැවින් අදාළ සාක්ෂි ලේඛනය සංශෝධනය කිරීමට අවසර දෙන ලෙසත්ය.
එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමට අවසර ලබාදුන්නා.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශානක රණසිංහ අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ නඩු විභාගය ආරම්භ වීමට පෙර අධිකරණයට සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර ඇති විත්තිකරුගේ මුල් උප්පැන්න සහතිකය පරීක්ෂා කිරීමට අවශ්‍ය බවයි.
ඒ අනුව අදාළ ලේඛනය සතියක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන බවට සහතික වන ලෙස ද විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.