2025 අගෝස්තු 15 සිකුරාදා, 01:25
නවතම පුවත්

කතානායකගේ සමුගැනීමේ සාදයට පාර්ලිමේන්තුවෙන් වියදමක් නෑ

කතානායකගේ අවසන් භෝජන සංග්‍රහය පිළිබඳව පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ සන්නිවේදන එම්. ජයලත් පෙරේරා පැහැදිලි කිරීමක් කර තිබේ.

අධ්‍යක්ෂවරයා පවසන්නේ, ඔක්තෝබර් 9 වන දා පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස හිටපු කතානායකවරයාට සමුදීම පිණිස කාර්ය මණ්ඩලය ඒකරාශීව පවත්වන සරල අවස්ථාවක් වන අතර මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු වැය ශීර්ෂයෙන් හෝ රජයෙන් කිසිදු මුදලක් වැය නොවන බව ය.

ඒ සඳහා පිරිවැය දරන්නේ පාර්ලිමේන්තුවේ සුබසාධක සංගමය විසින් සහ පාර්ලිමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්ගේ මූල්‍ය දායකත්වයෙන් බව ද එම පැහැදිලි කිරීමෙහි දැක්වේ.

මෙම සමුගැනීමේ අවස්ථාව සඳහා කිසිදු විශේෂ පීඨිකාවක් හෝ වෙන යම් ඉදිකිරීමක් සිදු නොකෙරෙන බව ද ඔහු පවසයි.

ආයතනයක ප්‍රධානියෙකු සිය ධූරයෙන් සමුගැනීමේදී සිය කාර්ය මණ්ඩලය හමුවී ස්තුතිය ප්‍රකාශ කිරීම සාමාන්‍යයෙන් ඕනෑ ම ආයතනයක් විසින් සිදුකරනු ලබන බව ත් මින් පෙර සිටි සියලු කතානායකවරයන් ද සිය ධූරයෙන් සමුගැනීමේදී මේ ආකාරයේ සමුදීමේ අවස්ථාවන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කොට තිබෙන බව ද එහි සඳහන් වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories