2025 අගෝස්තු 15 සිකුරාදා, 22:12
නවතම පුවත්

පොහොර මිලදී ගන්න කිව්.ආර්.කේතයක්

රජය ලබාදෙන පොහොර සහනාධාර මුදලින් පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට කිව්.ආර්.කේතයක් නිකුත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක කෘෂිකර්ම නිලධාරීන්ට ඊයේ (03 ) උපදෙස් දුන් බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ පැවැසීය මෙම වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන ලෙසත්,මෙවර මහ කන්නයේදී (2024/25) එය ක්‍රියාත්මක කිරීමට අපහසුනම් ලබන යල කන්නයේ සිට එය ක්‍රියාවට නංවන්නැයි ජනාධිපතිවරයා දැනුම් දුන් බවද ඔහු පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස වැඩ භාර ගැනීම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශයට ඊයේ (03 ) පැමිණි අවස්ථාවේදී පොහොර සහනාධාර වැඩපිළිවෙළ පිළිබදවද නිලධාරීන් සාකච්ඡා කළේය.

මෙවර මහ කන්නයේ සිට හෙක්ටයාර් එකක් සඳහා පොහොර සහනාධාරය රුපියල් 25,000 ක් දක්වා වැඩිකර තිබේ.

ගොවීන්ට රුපියල් 25,000 ක මුදලක් ඔවුන්ගේ ගිණුම් සඳහා බැර කළත්,ඔවුන් පොහොර මිලදී ගත් බවට තිබෙන සහතිකය කුමක්දැයි ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටියේය.මෙම මුදලින් ගොවීන් පොහොර මිලදී නොගෙන එය වෙනත් කටයුත්තක් සඳහා යෙදවුවහොත් බලාපොරොත්තු වන අස්වැන්න වැඩි කර ගැනීමේ ගැටලු මතුවන බවද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන් හමුවේ පැවැසුවේය.

වගා බිම්වලට අවශ්‍ය පොහොර නියමාකාරයෙන් යෙදියයුතු බැවින් ගොවීන්ට කිව්.ආර්.කේතයක් නිකුත් කරන ලෙසත්,එවිට ගොවීන් පොහොර මිලදී ගැනීමේදී එය පොහොර වෙළෙඳසැලට ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව,සහණාධාර මුදලින් ගොවීන් පොහොර මිලදී ගත්තේද,නැතිද යන්න පහසුවෙන් සොයාගත හැකි බවද ජනාධිපතිවරයා පැවසූ බව ලේකම්වරයා කීවේය.

අදාළ කිව්.ආර්.කේතය ගොවීන්ගේ ජංගම දුරකථනය හරහා භාවිතා කිරීමට හැකි පරිදි මෙම වැඩපිළිවෙළ සකස් කිරීමට නියමිතය

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories