2025 අගෝස්තු 15 සිකුරාදා, 03:14
නවතම පුවත්

ලංකාව පුරා වීදි දරුවන් 15 000ත් 30 000ත් අතර ප්‍රමාණයක්

අවසාන වරට සිදු කරන ලද සමාජ සමීක්ෂණවලට අනුව ශ්‍රී ලංකාව පුරා වීදි දරුවන් පහළොස් දහසක් තිස්දහසක් අතර ප්‍රමාණයක් සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ චමල් සංජීව මහතා පවසනවා.

ඔවුන් අතරින් තුනෙන් එකකට මව හෝ පියා අහිමි බවට අනාවරණ වී ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

තවත් සැළකිය යුතු ප්‍රමාණයක් වැඩිහිටියන්ගේ රැකවරණයෙන් තොරව වීදිවල සැරිසරන බවට ද අනාවරණ වී තිබෙනවා.

සිඟාකෑම, ළමා ගණිකාවන් ලෙස යොදා ගැනීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතාව සහ ප්‍රවාහනයට යොදා ගැනීම වැනි කරුණු වලට මෙම දරුවන් ගොදුරුවන බව සඳහන්.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලත්, ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතවත් වීදි දරුවන් සැළකිය යුතු වශයෙන් දැකිය හැකියි.

ඔවුන් මන්ද පෝෂණය, ශ්වසන රෝග, සම ආශ්‍රිත රෝග ඇතුළු ලිංගාශ්‍රිත රෝගාදියට පහසුවෙන් ගොදුරු විය හැකි බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළා.

ඊට අමතරව දුප්පත්කම, සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රශ්න හේතුවෙන් නොසලකා හරින ලද සමාජ කොට්ඨාස (Marginalized communities) සම්බන්ධයෙන් ද සියළුදෙනාගේ අවධානය යොමු විය යුතු බවයි ඒ මහතා කියා සිටියා.

එසේ නොවන්නේ නම් ඔවුන් තුළ විවිධ සමාජ, ආර්ථික සහ සෞඛ්‍ය ගැටළු රැසක් නිර්මාණය විය හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නා.

වතු ආශ්‍රිතවත්, ඇතැම් ආගමික කොට්ඨාස තුළත්, ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශ තුළත්, තට්ටු නිවාස ආශ්‍රිතවත් මෙවන් නොසලකා හරින ලද කණ්ඩායම් සිටින බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති සකස් විය යුතු බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ චමල් සංජීව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories