ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී හි සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස නැවත වතාවක් පත් කර තිබෙනවා.
හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.
ධම්මික පෙරේරා මහතාගේ මෙම පත්වීම අද (01) දින සිට බලාත්මක වෙයි.