අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි .
ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට සෆාරි යන උද්‍යානයන් සදහා වයස අවුරදු 12 න් පහල සියලු ළමුන්ට නොමිලයේ ඇතුල්වීමට පහසුකම් සලසා ඇත.
සෑම දරුවෙකුටම – සෑම අයිතියක්” යන තේමාව යටතේ ලෝක ළමා දිනය සැමරීමේ වැඩසටහනක් පින්නවල සත්වෝද්‍යානය සංවිධානය කර ඇත.
සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන කුඩා දරුවන් සඳහා සත්වෝද්‍යානයට ඇතුල් වීමේ දී තම මුහුණු සතුන්ගේ හැඩතල සහිතව වර්ණ ගන්වා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් ඒ සඳහා මුහුණු වර්ණ ගැන්වීමේ වැඩසටහනක් ප්‍රවේශ පත්‍ර කවුළුව ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු කර ඇත.