මහමැතිවරණය පැවැත්වීම සඳහා වන දිනය ප්‍රකාශයට පත්කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව මීළඟ නව පාර්ලිමේන්තුව තෝරාගැනීම සඳහා වන මහමැතිවරණය එළඹෙන නොවැම්බර් 14 ( 2024. 11. 14) වැනිදා පැවැත්වීමට නියමිතය .
මහමැතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීමේ කාල සීමාව ඔක්තෝබර් 04 වැනිදා සිට 11 වැනිදා දහවල් 12 දක්වා සිදුකෙරෙන බව ගැසට් නිවේදනයේ සඳහන් වේ .
අනතුරුව, අභිනව පාර්ලිමේන්තුව 2024 නොවැම්බර් මස 21 වැනි දින රැස්වන බව එහි වැඩිදුරටත් දැක්වා ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අත්සන් කරනු ලැබුවේ ඊයේ (24) පස්වරුවේදී ය