2026 අගෝස්තු 01 සෙනසුරාදා, 20:47
නවතම පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

පසුගිය යහපාලන රජය සමයේ ගොනුකෙරුණු අල්ලස් නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට නොවැම්බර් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කළේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී එම නඩුවේ පැමිණිලිකරු වන විජිත හේරත් මහතා සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටියේය.

එම අවස්ථාවේදී විජිත හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් දිවුරුම්දීමට ඇති නිසා සාක්ෂි දීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණය විජිත හේරත් මහතාට සාක්ෂි දීම සඳහා යළි නොවැම්බර් මස 29 වනදා පෙනී සිටින ලෙස නියෝග කළේය.

2010 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රවර්ධන කටයුතුවල දී පුද්ගලික සමාගමක් සමඟ ඇති කර ගත් එකඟතාවය රුපියල් මිලියන 64ක මුදලක් රජයට පාඩු කළේ යැයි, චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories