2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:22
නවතම පුවත්

ජනාධිපතිවරණය ඉතිහාසයේසාමකාමීම මැතිවරණය 2024 බවපැෆරල් වෙතින් සහතිකයක්

2024 ජනාධිපතිවරණය ඉතිහාසයේ සාමකාමීම මැතිවරණයයි – දිවයිනේ ප්‍රකාශිත චන්ද ප්‍රමාණය 75% ත් 80% ත් අතර – පැෆ්රල් සංවිධානය පවසා ඇත.
ජනාධිපතිවරණයේ අවසන් නිරීක්ෂණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන රෝහණ හෙට්ටිආරච්චි මහතා කිරුලපනදී මාධ්‍ය අමතමින් වැඩිදුරත් පැවසුවේ,
ඉතිසාහයේ සාමකාමීම මැතිවරණය එලෙස අවසන් උනා.අද දිනය තුල සිදුවීම් 108 ක් වාර්ථා වෙනවා, ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්ථා වෙන්නේ එකයි.බලපෑම් කිරීම් වාර්ථා වෙනවා.චන්ද පත්‍රකා ඉරා දැමීම් වාර්ථා වෙනවා, කෙසේ වුවත් මෑත ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය මෙය බව ප්‍රකාශ කොට තිබේ.
මෙවර සමාජ මාධ්‍ය හරහා මැතිවරණය නීතිය නොතකා කටයුතු කිරීම අඛණ්ඩව සිදු උනා.ඒ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කර තිබෙනවා.දැන් දැනම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සමාජ මාධ්‍යයේ සිදු උනා.රාජ්‍ය දේපල අවභාවිතාව දකිනවා.නමුත් ක්‍රමානුකූලව රාජ්‍ය දේපල අවභාවිතා අඩුයි.

ආබාධිත ප්‍රජාවට මැතිවරණය සදහා පහසුකම් සපයා තිබුනා.නමුත් චන්ද මධ්‍යස්ථාන ඉදිරියේදී තෝරා ගැනීමේදී අවධානය යොමු කල යුතුයි.ආබාධිතයන්ට ඇතුලු වීමට අපහසු ස්ථාන තිබුනා.

කෙසේ වුවත් සමස්ථයක් ලෙස අපේ ගෞරවය මැතිවරණ කොමිසමට ලබා දෙනවා.

පොලිස්පති කෙනෙක් නොමැති වුවත් වෙනදාටත් වඩා හොදට පොලීසිය අවශ්‍ය සහය ලබා දුන්නා.ඒ සම්බන්ධයෙන් පොලීසියට ස්තුතියි.මාධ්‍ය කළ කාර්යභාරයට ස්තූතියි කරනවා.
අපි බලාපොරොත්තු වෙන්නේ මෙවැනි මැතිවරණ සංස්කෘතියක්.
අද මැතිවරණ රාජකාරී අතරතුර පොලිස් නිලධාරියෙක් මිය ගියා , ඒ සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරනවා.
අද වෙනකොට දේශපාලන පක්ෂ වල කාඩර් වරුන් නෑ, ඒ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා.ගැටුම් අවම වෙලා තිබෙනවා .චන්ද දායකයා දැනුවත් වෙලා තිබෙනවා .ඒ තත්ත්වය මේ වගේ සාමකාමී මැතිවරණයකට හේතු වී තිබෙනවා.
නිශ්චිත ලෙස ප්‍රකාශ කරන්න බැරි උනත් දිවයිනේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 75% – 80% ත් අතර වේවි.
ඒ අනුව නුවරඑළිය 80%, ගම්පොළ 80%, කොළඹ 78%,හම්බන්තොට 78%, පොලොන්නරුව 78%, මහනුවර 78%, මොනරාගල 77%, ත්‍රීකුණාමලය 76%, මාතර 76%, කුරුණෑගල 75%, රත්නපුර 75%, පුත්තලම 75%, කළුතර 75%, කෑගල්ල 75%, අනුරාධපුර 75%,ගාල්ල 74%, මාතලේ 74%, බදුල්ල 73%, වවුනියා 72%, මන්නාරම 72%, අම්පාර 70%, මඩකළපුව 69%, කිලිනොච්චිය 68%, මුලතිව් 68%

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories