2025 අගෝස්තු 16 සෙනසුරාදා, 15:59
නවතම පුවත්

නළු මන්ත්‍රී උද්දිකගේ වෙඩි තැබීමේ රංගනයට ගෑවුණ ASP මහානාමගේ සුපිරි කාර් 2ක් ඇතුළු දේපළ තහනම්.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ ක්‍රියාව මෙහෙය වූයේ යැයි කියන සහකාර පොලිස් අධිකාරි සංජීව මහතාට අයත් යැයි කියන රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථයක් ඇතුළු වාහන තුනක් හා ඉඩම් දෙකක් මාස තුනක කාලයකට තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (සැප්. 18) නියෝග කළේ ය.

සංජීව මහානාම මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මාර්ගයෙන් අයථා ලෙස මුදල් උපයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයථා මුදල් හා දේපළ උපයා ගැනීමේ විමර්ශන අංශය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ලබන දෙසැම්බර් 18 වන දා දක්වා බල පැවැත්වෙන පරිදි එකී තහනම් නියෝගය නිකුත් කළේ ය.

ඒ අනුව, සී.බී.සී. 7199 දරන මෝටර් රථය, අංක සී.ඒ.ඒ. 8210 දරන මෝටර් රථය හා අංක එල්.එල්. 9825 දරන ලොරි රථයත්, උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නුවරගම් කෝරළයේ පිහිටි අක්කර හතරකට අධික ඉඩම් කොටස, සමගිපුර ගමේ රජයේ ඉඩමට මායිම්ව පිහිටි අක්කර එකකට අධික ඉඩම් කොටස එලෙස තහනමට ලක් කෙරිණි. ඔහුගේ බිරිය සන්තකයේ තිබූ බව කියන BMW මෝටර් රථය අවුරා ලංකා සමාගමේ හිමිකරු විරංජිත් තාඹුගලගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories