2026 ජූලි 29 බදාදා, 22:51
නවතම පුවත්

දුම්රිය අනතුරකින් තිදෙනෙක් අවසන් ගමන් යයි තවත් 49ක් රෝහලේ

ඊජිප්තුවේ කයිරෝ අගනුවරට ඊසාන දෙසින් Zagazig හි ඊයේ (14) සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 49 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුර සම්බන්ධව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, තුවාල ලැබූ පුද්ගලයින් 44 දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවරව පවතින බවත් පස් දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල වන බවයි.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව අනතුර සිදුව ඇත්තේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීම හේතුවෙනි.

නිවේදනයක් නිකුත් කරමින් එරට දුම්රිය අධිකාරිය සඳහන් කර තිබුණේ, එක් දුම්රියක් Zagazig සිට Ismailia දක්වා ගමන් කරමින් තිබූ අතර අනෙක Mansoura නගරයේ සිට Zagazig දක්වා ධාවනය වෙමින් තිබූ බවයි.

ඒ අනුව අනතුරට තුඩු දුන් තාක්ෂණික හේතු සොයා බැලීම සඳහා දුම්රිය විශේෂඥයින්ගේ කමිටුවක් පිහිටුවා ඇති බවයි ඔවුන් සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඊජිප්තුව සිය පැරණි ප්‍රවාහන ජාලය සංවර්ධනය කිරීමට, දුම්රිය නවීකරණය කිරීමට සහ දුම්රිය මාර්ග සංවර්ධනය කිරීමට වසර ගණනාවක් තිස්සේ කටයුතු කරමින් සිටින රටකි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories