2026 අගෝස්තු 01 සෙනසුරාදා, 01:45
නවතම පුවත්

රට පුරා හදිසි තත්ත්වයකට මුහුණදීමට ආරක්ෂක අංශ වලට ජනපති බලය පවරයි

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ හා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරෙන අවස්ථාවේදී රට තුළ ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ කර ‘හදිසි සැලැස්මක්’ සකස් කිරීමට ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ප්‍රධානීන් වෙත බලය පවරා ඇතැයි වාර්තා වනවා.

ඊට හේතු වී ඇත්තේ හදිසි තත්ත්වයක් ඇතිවිය හැකි බවට ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ආරක්ෂක අංශ ප්‍රධානීන් ජනාධිපතිවරයාට පෙන්වා දීමයි.

අනතුරුව ජනාධිපතිවරයා සේනාධිනායකයා ලෙස මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකදී පොලිසියේ සහායට හමුදාව යෙදවීම හා හදිසි තත්ත්වයකදී හමුදාවට බලතල භාවිත කළ හැකි ආකාරය පිළිබඳව නීතිපති උපදෙස් ගැනීමට ද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා.

හදිසි ආරක්ෂක සැලැස්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා යටතේ ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස් ප්‍රධානින්ගේ ප්‍රධානත්වයෙන් සකස් කිරීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

ඒ සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරු හා මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.

ඉන් පසු ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරණයට පෙර හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් ද පැවැත්වීමට නියමිතයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories