2026 ජූලි 31 සිකුරාදා, 19:12
නවතම පුවත්

සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයිද? පැය 48 ක නිහඬ කාල​​යේ දී

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසුව පවතින පැය 48 ක නිහඬ කාල​​යේ දී සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපේක්ෂක ප්‍රචාරක කටයුතු හා මඩ ප්‍රචාර ආදිය නතර කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ සමාජ මාධ්‍ය ජාලා අයත් සමාගම් සමග එක්ව මෙම වැඩපිළිවෙළ සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුකර ඇතැයි ද එම කොමිසම සඳහන් කළා.

මෙමස 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන අතර, 19 වැනිදා සහ 20 වැනිදා නිහඬ කාලය වනවා.

මෙම කාලය තුළදී ප්‍රචාරක කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වුවත්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරක කටයුතු කිරීමේ සැලසුමක් පවතින බවට තොරතුරු අනාවරණයවී තිබෙනවා.

සමාජ මාධ්‍ය කණ්ඩායම් සමග සාකච්ඡා කර නිහඬ කාලය තුළදී මැතිවරණ ප්‍රචාරක හා මඩ ප්‍රචාර කටයුතු නතර කිරීම සඳහා මැතිවරණ කොමිසම දැඩි උත්සාහයක් ගන්නා බව එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පැවසුවා.

මෙම ප්‍රචාරක කටයුතු බොහොමයක් සිදු කෙරෙන්නේ විදෙස් රටවල සිට බවද ඔහු සඳහන් කළා.

මේ වනවිටත් සමාජ මාධ්‍යවල පළකර තිබූ මඩ ප්‍රචාර ආදිය එම සමාගම් සමග සාකච්ඡා කර ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළා.

තවද නිහඬ කාලයේදී සමාජ මාධ්‍යවල සිදු කෙරෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු වැළැක්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවද ක්‍රමවේදයක් සකස් කරගෙන යන බව ද ඔහු පැවසුවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories