කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කෙරුණු විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබේ.
සීතා අරඹේපොල කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ ඇය මෙතෙක් දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරවය.
දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද එක්ව සිටියේය