2025 අගෝස්තු 16 සෙනසුරාදා, 15:59
නවතම පුවත්

බිත්තර නිෂ්පාදකයෙකුට වසර 10ක සිර දඩුවමක්

කුරුණෑගල, උඩුමුල්ල ප්‍රදේශයේ ෆාම් ආයතනයක හිමිකරුවකුට වසර 10ක අත්හිටුවන ලද මාස 6ක සිර දඩුවමක් පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සහ අලෙවියේ දී පාරිභෝගිකයන්ට නිකුත් කරනු ලබන බිල්පත්වල පිටපත් ළඟ තබා නොගැනීම සම්බන්ධයෙන් මෙම ෆාම් ආයතනයේ හිමිකරුට සහ සේවිකාවකට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් 2023.04.11 දින සිදු කරනු ලැබූ වැටලීමකට අදාළව 2023.04.26 දින පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

ඒ අනුව ඒ ආයතනයේ සේවිකාවකට, උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බිත්තර විකිණීම සම්බන්ධයෙන් රු.100,000ක දඩ මුදලක් නියම කර ඇති අතර අලෙවියේ දි පාරිභෝගිකයන්ට නිකුත් කරනු ලබන බිල්පත්වල පිටපත් ළඟ තබා නොගැනීම සම්බන්ධයෙන් එහි හිමිකරුට මෙම දඩුවමට අමතරව රු.10,000ක දඩ මුදලක් නියම කර නියම කර තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් නිකුත් කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකිණීම යන චෝදනාව යටතේ වන නඩු පැවරීමක දී වරදකරු වන අයට පනත ප්‍රකාරව දඩ මුදලක්, සිර දඩුවමක් හෝ එම දෙකම නියම කිරීමට අධිකරණයට හැකියවක් පවතින බව එන නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories