2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 13:33
නවතම පුවත්

රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අලුත් චක්‍රලේඛයක්

රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

රාජ්‍ය නිලධාරීන් නොදන්වා සේවයට වාර්තා නොකිරීම මත ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට වසරකට වැඩි කාලයක් ගතවන බවට නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මඟින් මේ පිළිබඳ දැනුම් දී තිබේ.

යම් නිලධාරියෙකු වෙත සේවය හැරයාමේ නිවේදනයක් නිකුත් කළ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමක් සිදුකරනු ලබන්නේනම් එය රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති හි 216 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පෙන්වාදෙයි.

යම් නිලධාරියෙකු විසින් තනතුර අතහැර යාමේ නිවේදනයකට අදාළව ස්ව කැමැත්තෙන් ඉදිරිපත් කරනු ලබන නිදහසට කරුණු දැක්වීම සම්බන්ධයෙන් අදාළ විනය බලධරයා විසින් දෙනු ලබන තීරණය නිලධාරියා වෙත ලිඛිතව දැන්විය යුතු බව ද අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්ය.

මේ අතර දීප ව්‍යාප්ත සේවාවන්හි විශේෂ ශ්‍රේණියට ඉදිරියේ දී උසස් වීම් ලබන නිලධාරීන් අදාළ තනතුරට පත්වීමේ ලිපිය ලද දින සිට වැඩකරන දින 22ක කාලයක් තුළ නව තනතුරේ වැඩ භාරගැනීම කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

එලෙස රාජකාරී සඳහා මාසයක් තුළ වාර්තා නොකරන නිලධාරීන්ගේ විශේෂ ශ්‍රේණියේ උසස් වීම් අවලංගු වූවා සේ සැලකිය යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories