2025 අගෝස්තු 16 සෙනසුරාදා, 14:40
නවතම පුවත්

ආර්ථික ස්ථාවරභාවය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් යළිත් අර්බුදයක්

රටේ පවතින ආර්ථික ස්ථාවරභාවය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් යළිත් අර්බුදයකට මුහුණදීමට සිදුවන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් තමන් විසින් පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් හඳුන්වා දී ඇති බවය.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේය.

“අපි ඇති කරලා තියෙන ස්ථාවරභාවය තහවුරු කරන්න ඕනේ. නැත්නම් ආපහු පහළට යනවා. ඒක කරන්න තමයි මගේ වැඩසටහන ‘පුළුවන් ශ්‍රී ලංකා’ ඔබට දෙන්නේ ඒ වරම ලබාගන්න. සජිත් ගැන කියලා වැඩක් නෑ. හැම එකම දැන් නොමිලේ දෙනවලු. තව ටික කාලයකින් නොමිලේ නෙමෙයි ඒක ගන්න කියලා මුදල් දෙයි. මොකද්ද මාලිමාව කියන්නේ, ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ කියලා. මම ජනාධිපති වුණාට පස්සේ එහෙම කියනවා. මාලිමාවේ එක අඩුපාඩුවක් තියෙනවා. මේ මගේ මිත්‍ර අනුරට…ආ… දැන් මිත්‍රයා කියන්න එපානේ…හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායකගෙන් මම අහන්න කැමතියි. මම බැලුවා ඒ අයගේ අයවැය. මෙහෙම අයවැයක් හැදුවේ අර බැනියමේ හිල් තියෙන එක්කෙනාද? මේක කරන්න බෑ.”

මේ අතර ඊයේ ගම්පොළ පැවති ජනරැලියට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල මෙලෙස අදහස් පළ කළාය.

“ඔබ සියලුදෙනාම දන්නවා අපේ මාතෘ භූමිය අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණදෙන හැම අවස්ථාවකදීම මේක ගොඩගන්න පක්ෂයක්, පාටක්, භේදයක් නැතුව අතදික් කළ මනුස්සයෙක් ඉන්නවා නම්, ඒ රනිල් වික්‍රමසිංහ මහතායි. අපි බලන් හිටියා මම විපක්ෂයේ මන්ත්‍රීවරියක් විදියට සමහර දාට, මෙතුමා පාර්ලිමේන්තු ඇවිල්ලා රට ගොඩගන්න කියලා ඉල්ලීම් කරද්දි, අද ඔය හංදියක් හංදියක් ගානේ දිනවන්න කියන සමහර අය උපහාසයට හිනා වුණා. ඒ වෙලාවේ ඔයාලගේ බඩගින්න එයාලට දැනුනේ නෑ. මමත් මේක බොහෝම අමාරුවෙන් බලාගෙන හිටියා 2022 ඉඳලා. මේ කතා කරන්නේ රට ගොඩගන්න නේ කියන එක එදා කාටවත් වගේ වගක් තිබුණේ නෑ.”

නවතම පුවත්

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories