2026 ජූලි 31 සිකුරාදා, 23:53
නවතම පුවත්

ඉලංගෙයි තමිල් අරසුකච්චිහි කමිටුවක් හදිසියේ රැස්වෙයි.

ප්‍රධාන පක්ෂවල ජනාධිපතිධූර අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල අඩංගු කරුණු සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ඉලංගෙයි තමිල් අරසු කච්චිහි කමිටුව හෙට (10) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, පක්ෂයේ ලේකම් පී. සත්‍යලිංගම් මහතාගේ කාර්යාලයේදීයි.

පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, සී.වී.කේ සිවඥානම්, එස්. ශ්‍රීධරන්, එම්.ඒ සුමන්දිරන් සහ පී. සත්‍යලිංගම් යන මහත්වරුන් අදාළ කමිටුවට ඇතුළත්.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අදාළ කමිටුව පත්කරනු ලැබුවේ, ප්‍රධාන පක්ෂවල ජනාධිපතිධූර අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුවයි.

හෙට දින රැස්වන අදාළ කමිටුවේ යෝජනා ලබන 14 වැනිදා රැස්වන පක්ෂ මධ්‍යම කාරක සභාවට දැනුම්දීමට නියමිතයි.

ඒ අනුව ඉලංගෙයි තමිල් අරසු කච්චි මේ වනවිට ගෙන ඇති තීරණය වෙනස්වීමට ඉඩ ඇති බවටයි, උතුරු- නැගෙනහිර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ට්විටර් සටහනක් තබමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ, 2024 ජනාධිපතිවරණයේ දී සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි.

සැප්තැම්බර් මස පළමුවැනිදා සඳහන් කළ පරිදි අදාළ තීරණය පක්ෂයේ සෑම සාමාජිකයෙකුගේම ස්ථාවරය බව ද මන්ත්‍රීවරයා කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් කිසිදු ව්‍යාකූලත්වයක් ඇති නොකරගන්නා ලෙසටයි එම්.ඒ. සුමන්දිරන් මහතා අවධාරණය කළේ.

මේ අතර දෙමළ ජාතිකවාදී ස්ථාවරය අනුව පොදු දෙමළ අපේක්ෂකයා වන පී. අරියනේන්ද්‍රන් මහතා හට සහාය පළ කළ යුතු බව ඉලංගෙයි තමිල් අරසු කච්චිහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කියා සිටියා.

ඒ අනුව තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් පොදු අපේක්ෂකයා හට සහය පළ කරන බවයි ඔහු අවධාරණය කළේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories