2026 මාර්තු 28 සෙනසුරාදා, 15:22
නවතම පුවත්

පාතාල කණ්ඩායම් ජනාධිපති අපේක්ෂකයන්ට සහාය දක්වන සටනට එක්වෙයි

මෙවර ජනාධිපතිවරණ උණුසුම ආරම්භයත් සමග විදෙස්ගත පාතාල කණ්ඩායම් හා මෙරට පාතාල කණ්ඩායම් තම හිතවාදී දේශපාලනඥයන්ගේ සහායෙන් ජනාධිපති අපේක්ෂකයාගේ ඡන්ද සටනට ප්‍රවිෂ්ඨ වී ඇතැයි බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

ප්‍රතිවිරුද්ධ කල්ලිවල සාමාජිකයන් ඝාතනය කරමින් කළ ඝාතන රැල්ලට විරාමයක් දී මෙම කල්ලි මෙවර ජනාධිපතිවරණයට පෙනී සිටින ප්‍රධාන අපේක්ෂකයන්ට සහය දැක්වීමේ මෙහෙයුමක් අරඹා ඇතැයි හෙළි වී තිබේ. මැතිවරණ රාජකාරි සඳහා පොලිසිය යෙදවීමත්, යුක්තිය මෙහෙයුම අඩාළ වීමත් නිසා යළි හිස එසවූ කුඩු පාතාලය ඡන්ද උණුසුම අස්සේ මහා පරිමාණයෙන් යළිත් හෙරොයින් හා අයිස් ජාවාරම කරගෙන යන බවද හෙළි වී ඇත.

යුක්තිය මෙහෙයුම අරඹා මුල් මාස හයට රටපුරා ඇති පොලිස් ස්ථාන 601 ක් අතුරින් 187 කට අයත් බල ප්‍රදේශවලින් හෙරොයින් හා අයිස් වෙලෙඳාම මුලිනුපුටා දැමුණද යළිත් පොලිස් ස්ථාන 601 ටම අයත් බල ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් ජයටම වන බව හෙළි වී තිබේ. මැතිවරණ උණුසුමට මුවා වී එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමන්ට හිතවාදී අපේක්ෂකයකු ගෙන ඒමේ අරමුණින් ඡන්ද සටනට අත දිගහැර මුදල් වියදම් කරමින් සිටින බවද අනාවරණය වී ඇත.

මේ වන විට ඩුබායි ඇතුළු රටවල වෙසෙන මෙරට පාතාල ප්‍රබලයන් අතරින් 42 කට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබේ. ඔවුන්ව මෙරටට ගෙන්වන මෙහෙයුම් නවත්වා ගැනීම සඳහා තමන්ට අවශ්‍ය අපේක්ෂකයකු කරළියට ගෙන ඒමට පාතාල කල්ලි සැලසුම් කර ඇති බවද හෙළි වී තිබෙනවා.

පාතාලය සමග හිතවත්කම් පවත්වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකු හා හිටපු මැති ඇමැතිවරු මාර්ගයෙන් පාතාල කණ්ඩායම් ජනාධිපති අපේක්ෂකයන්ට සහාය දක්වන සටනට එක්ව ඇත. ඡන්ද සටනට සහාය දීමට කොස්ගොඩ සුජිගේ කල්ලිය, කළු සාගර කල්ලිය, කරන්දෙණිය සුද්දා, රත්ගම විදුර ඇතුළු කල්ලි දකුණු පළාතෙන් තම සගයන් යොදවා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකුට සහය දක්වන බව හෙළි වී තිබෙනවා.

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන වැල්ලේ සාරංග කල්ලිය, කන්ජිපානි ඉම්රාන්ගේ කල්ලිය, කෙහෙල්බද්දර පද්මේ කල්ලිය, ගණේමුල්ල සංජීව කල්ලිය, කිඹුලාඇළ ගුණා කල්ලිය, කුඩු ලාල් කල්ලිය, කෙසෙල්වත්තේ දිනුක කල්ලිය, කුඩු අංජු කල්ලිය ඇතුළු කල්ලි ප්‍රධාන අපේක්ෂකයන් තුන් දෙනකුගේ ඡන්ද සටනට තම සාමාජිකයන් යොදවා ඇතැයි අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත් පාතාල කණ්ඩායම් පාතලයට වාසිවන අපේක්ෂකයකුට වැඩි සහායක් දක්වනු ඇතැයි දැනට සිදුවන ක්‍රියාකාරකම්වලින් ඔප්පුවන බව ආරක්ෂක අංශ පවසයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories